GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

HTML5 & CSS3 Web Programming and Development Complete Training Course DVD in Sinhala

HTML5 and CSS3 Web Programming and Development Complete Training Course DVD in Sinhala

හයිපර් ටෙක්ස්ට් මාර්ක්අප් ලැන්වෙජ් (Hypertext Markup Language) හෙවත් HTML යනු වෙබ් පිටු සහ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනු ලබන පරිගණක භාෂාවකි. දැනට ලොකය පුරා භාවිතා කරනු ලබන්නේ මෙහි HTML5 යනුවෙන් හදුන්වනු ලබන සංස්කරණයයි. මෙය HTML හී නවතම සංස්කරණය වන අතර වෙබ් පිටු වල සැකැස්ම නිර්මාණය කිරීම සඳහා මූලිකවම භාවිතාකරනු ලබන්නේ මෙම සංස්කරණයයි. මෙම ඩී.වී.ඩී පාඨමාලාවේදී ඔබට HTML5 පිළිබඳව පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමට හැකිවන අතර, වෙබ් පිටු නිර්මාණය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට බළාපොරොත්තු වන ඕනෑම අයෙකුට වඩාත් ගැලපෙන පරිදි මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව සකස් කර ඇත.

HTML5 පිළිබඳව අධ්‍යයනය කිරීමට අමතරව මෙම පාඨමාලාවේදී ඔබ කැස්කේඩින් ස්ටයිල් ෂීට් (Cascading Style sheet) හෙවත් CSS පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. CSS හී නවතම සංස්කරණය වන්නේ CSS3 සංස්කරණයයි. එබැවින් මෙම පාඨමාලාව තුළදී ඔබ HTML5 සහ CSS3 යන තාක්ෂණයන් දෙකම පිළිබඳව මනා දැනුමක් ලබා ගන්නවා ඇත.

මෙම පාඨමාලාව අවසානයේදී මෙයින් ලද දැනුම භාවිතා කර ඔබට වෙබ් පිටු සහ වෙබ් අඩවි සාර්ථකව සකසා ගැනීමට හැකියාව ලැබේ. පාඨමාලාව තුළදී අධ්‍යයනය කරනු ලබන සෑම විෂය කොටසක්ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරමින් අධ්‍යයනය කිරීම සිදු කරයි. එබැවින් පොතක් කියවා විශය කරනු අධ්‍යයනය කරනවාට වඩා කාර්යක්ෂම ලෙස මෙම පාඨමාලාවේ විෂය කරණු වීඩියෝ මඟින් අධ්‍යයනය කිරීමට ඔබට අවස්ථාව සැලසේ.

පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 11
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 13 විනාඩි 6
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 97

මිළ : Rs. 1,500.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) මඟින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Sample Videos

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK