GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Google AdSense Complete Training Course DVD in Sinhala

Google AdSense Complete Training Course DVD in Sinhala

ගූගල් ඇඩ්සෙන්ස් සේවාව අන්තර්ජාලය තුළ මුදල් ඉපැයීම සඳහා ලෝකය පුරා භාවිතා කෙරෙන ඉතා සාර්ථකම සහ ජනප‍්‍රියම සේවාවකි. වෙබ් අඩවි නිර්මාණකරුවන්, ස්මාර්ට් දුරකථන යෙදුම් සකසන්නන් සහ යූ-ටියුබ් වෙබ් අඩවිය සඳහා වීඩ්යෝ නිර්මාණකරුවන් මෙම ගූගල් ඇඩ්සෙන්ස් සේවාව භාවිතා කරමින් විශාල වශයෙන් මුදල් ඉපැයීම සිදු කරයි.

දැනටමත් මෙම සේවාව භාවිතා කරන සහ ඉදිරියේදී භාවිතා කිරීමට බලාපොරොත්තුවන නිර්මාණකරුවන් සඳහා ඇඩ්සෙන්ස් සේවාව පිළිබඳව මනා දැනුමක් ලබාදීමේ අරමුණ සහිතව මෙම පාඨමාලාව සම්පාදනය කර ඇත. මෙම පාඨමාලාව තුළදී මූලික වශයෙන් ඔබ පහත සඳහන් කොටස් පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිදු කරනු ලබයි.

  • ගූගල් ඇඩ්සෙන්ස් වැඩසටහන හා සම්බන්ද වන ආකාරයත් ඒ සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි ක‍්‍රමවේදයන් පිළිබද අධ්‍යයනය කිරීම.

  • ගූගල් ඇඩ්සෙන්ස් වැඩසටහනේ ප‍්‍රතිපත්තීන් සහ සේවා කොන්දේසි නිවැරදිව හදුනා ගැනීම. - බොහොමයක් ඇඩ්සෙන්ස් ගිණුම් හිමියන්ගේ ගිණුම් අක‍්‍රිය වීමට මූලිකවම බලපානු ලබන මෙම ඇඩ්සෙන්ස් වැඩසටහනේ ප‍්‍රතිපත්තීන් සහ සේවා කොන්දේසි නිවැරදිව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්වේ. එම නිසා ඒ පිළිබදව මෙම පාඨමාලාවේදී ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ.

  • ඇඩ්සෙන්ස් වැඩසටහන නිවැරදිව භාවිතා කරන ආකාරය සහ එහිදී ඔබට අනුගමනය කළ හැකි විවිධ ක‍්‍රමෝපායන් පිළිබඳව අධ්‍යයනය කිරීම. - වසර දහයක් පමණ කාලයක් තුළ මෙම වැඩසටහන සාර්ථකව භාවිතා කිරීමේදී අනුගමනය කළ විවිධ ක‍්‍රමෝපායන් ඔබට මෙහිදී හදුන්වා දෙනු ලැබේ.

  • ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගැනීම ඉතා අපහසු වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා ඔබ සතුව ඇති ගිණුම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් ඔබ සතුව ඇති ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි ක‍්‍රියා පිළිවෙත් පිළිබඳව මෙම පාඨම තුළදී ඔබට අධ්‍යයනය කළ හැකි වේ.

පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 5
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 4 විනාඩි 50
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 42

  • ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගන්නා ආකාරය
  • ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම සක‍්‍රිය වූ පසුව ඔබ විසින් සිදු කළ යුතු දෑ
  • ඔබ සතු වූ ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කර ගන්නා ආකාරය
  • ඇඩ්සෙන්ස් වැඩසටහනේ ප‍්‍රතිපත්තීන් සහ සේවා කොන්දේසි පිළිබඳව තේරුම් ගැනීම
  • සේවා කොන්දේසි සහ වැඩසටහන් ප‍්‍රතිපත්තීන් කඩ වන අවස්ථාවන් පැහැදිලි කර ගැනීම
  • ඇඩ්සෙන්ස් ගිණුම තුළ සිදුවිය හැකි නිෂ්ප‍්‍රමාණ ක‍්‍රියාකාරකම් හදුනා ගැනීම.
  • විවිධාකාරයේ නිෂ්ප‍්‍රමාණ ක‍්‍රියාකාරකම් ආකාරයන් හදුනා ගැනීම.
  • නිෂ්ප‍්‍රමාණ ක්ලික් හදුනා ගන්නා ආකාරය.
  • නිෂ්ප‍්‍රමාණ වෙබ් ට‍්‍රැෆික් හදුනා ගැනීම.
  • ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි ක‍්‍රියා පිළිවෙත්.
  • ඇඩ්සෙන්ස් වෙළද දැන්වීම් නිවැරදි ලෙස ස්ථානගත කිරීම.
  • ඇඩ්සෙන්ස් ගිණුමට හානි නොවන ලෙස ඔබගේ වෙබ් අඩවිය ප‍්‍රචාරණය සිදු කරන ආකාරය
  • ඇඩ්සෙන්ස් සේවාව භාවිතා කළ හැකි භාෂාවන් හදුනාගැනීම.
  • ඇඩ්සෙන්ස් ගිණුම ගූගල් ඇනලිටික්ස් සේවාව සමඟ සම්බන්ධ කිරීම.
  • වැඩසටහනේ ප‍්‍රතිපත්තීන් උල්ලංගනය වන අවස්ථාවකදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග.
  • ඇඩ්සෙන්ස් සහ යූ-ටියුබ් සේවාව එකිනෙක සම්බන්ද වන ආකාරය
  • ඇඩ්සෙන්ස් සමඟ සිංහල වෙබ් අන්තර්ගතයන් භාවිතා කරන ආකාරය.
  • ඇඩ්සෙන්ස් ගිණුම් වාර්ථා නිරීක්ෂණය කිරීමේ ඇති වැදගත් කම සහ ඒවා විශ්ලේෂණය කරන ආකාරය.

මිළ : Rs. 1,000.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) මඟින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Sample Videos

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK